එල් නිනෝ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ එම දිස්ත්‍රික්ක 7හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23ක් වියළි කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇති බවය.
එමෙන්ම පවුල් 25,628කට අයත් පුද්ගලයින් 81,865ක් එල් නිනෝ තත්ත්වයෙන් බලපෑමට ලක්ව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.
මෙම බලපෑම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20කට පානීය ජලය බෙදා හැරීමටද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.
ඒ අනුව පවුල් 23,048කට අයත් පුද්ගලයින් 72,153 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
ඒ අනුව වැඩි වශයෙන් පානීය ජලය බෙදා හැර ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයට වන අතර, එහිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7ක පවුල් 10,264කට අයත් පුද්ගලයින් 33,023 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන තිබේ.
එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක පවුල් 9,547කට අයත් පුද්ගලයින් 28,523 දෙනෙකුට පානීය ජලය බෙදා හැරීමටද පියවර ගෙන ඇත.
අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 2ක පීඩාවට පත් පවුල් 2,537කට අයත් පුද්ගලයින් 7,882 දෙනෙකු සඳහාද පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
එල් නිනෝ දිස්ත්‍රික්ක 7කට බලපෑම් කරයි

