Homeසියලුම පුවත්බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව තවත් අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කළ සැකකරුවෙකුගෙන් ලද තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
පසුගිය 19 වැනිදා මිද්දෙනිය පොලිස් වසමේදී අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් 21 හැවිරිදි මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු රැඳවුම් නියෝග මත රඳවාගෙන මිද්දෙනිය පොලීසිය විසින් විමර්ශන සිදුකර තිබේ.
එහිදී අනාවරණය වී ඇත්තේ එම සැකකරු පසුගිය 12 වැනිදා මිද්දෙනිය පොලිස් වසමේදී බැකෝ සමන්ගේ මවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදී ඇති බවයි.
ඒ අනුව රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි සැකකරු ඊයේ (23) වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
එම සැකකරුගෙන් ලද තොරතුරු මත ඝාතනයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු ඊයේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් එම සැකකරු මිද්දෙනිය පොලීසිය වෙත ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙනිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

RELATED ARTICLES

Most Popular

Recent Comments