Homeසියලුම පුවත්AI තාක්ෂණයේ දියුණුවෙන් මානව සංහතියට අවදානමක්ද?

AI තාක්ෂණයේ දියුණුවෙන් මානව සංහතියට අවදානමක්ද?

AI තාක්ෂණය අධි වේගයෙන් දියුණු වීම හේතුවෙන් මානව සංහතිය අවදානමකට ලක්විය හැකි බව ලොව ප්‍රධාන AI සමාගම් වන ඇන්ත්‍රොපික් සහ OpenAI යන සමාගම් දෙකෙහිම සේවය කර ඉවත් වූ AI පර්යේෂකයෙකු පවසයි.

27 හැවිරිදි ජේකොබ් කොසොන් පෙන්වා දෙන්නේ ඕනෑම විද්‍යුත් උපකරණයකට අනවසරයෙන් ප්‍රවේශ විය හැකි කෘත්‍රිම සුපිරි මානව තාක්ෂණයක් නුදුරු අනාගතයේදී නිර්මාණය විය හැකි බවයි.

වඩාත් තරගකාරී ලෙස දියුණු වෙමින් පවතින AI තාක්ෂණයේ වේගවත් වර්ධනය හේතුවෙන් ඉදිරි දශකය තුළ මානව සංහතිය වැනසී යාමේ සියයට 10ක සම්භාවිතාවක් පවතින බව තමන් විශ්වාස කරන බවද ඔහු පවසා තිබේ.

කෙසේ වෙතත්, තාක්ෂණික සමාගම්වල ප්‍රධානීන් රැසක් කොසොන්ගේ මෙම අනාවරණ ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒවා අරුත්සුන් ප්‍රකාශ ලෙස හඳුන්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments