ප්‍රශ්න සහ සංකීර්ණ ගැටලුවලට ඉක්මන් පිළිතුරු ලබාදෙන AI කෘතිම බුද්ධි මෙවලම් මත අධික ලෙස යැපීම මිනිසාගේ විශ්ලේෂණාත්මක හා සිතීමේ හැකියාවට බලපෑම් ඇති කළ හැකි බව Royal Observatory Greenwich අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ආයතනයේ ප්‍රධානී Paddy Rodgers පවසන්නේ, AI මත අධික ලෙස රඳා සිටීමෙන් මිනිසුන්ගේ ප්‍රශ්න කිරීමේ සහ කරුණු ගවේෂණය කිරීමේ හැකියාව ක්‍රමයෙන් අඩුවිය හැකි බවයි.
කෙසේවෙතත්, AI තාක්ෂණය විද්‍යාත්මක සොයාගැනීම් සහ අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රයෝජනවත් මෙවලමක් විය හැකි නමුත්, එය වගකීමෙන් භාවිත කිරීම අත්‍යවශ්‍ය බවද විශේෂඥයින් පෙන්වා දෙති.
AI භාවිතය නිසා මිනිස් බුද්ධිය පිරිහීමේ අවදානමක්

