බ්‍රික්ස් (BRICS) යනු නැගී එන ප්‍රධාන ආර්ථිකයන් සහිත රටවල් එක්ව පිහිටුවාගත් අන්තර්ජාතික සංවිධානයකි. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය මුල් කරගෙන මෙම සංවිධානය ගොඩනැගුණු අතර, පසුව දකුණු අප්‍රිකාව ඇතුළු තවත් රටවල් ඊට එක්විය.
‘BRICS’ යන නාමය එහි ආරම්භක සාමාජික රටවල් වන Brazil, Russia, India, China සහ South Africa යන රටවල ඉංග්‍රීසි නාමවල මුල් අකුරු එක් කිරීමෙන් නිර්මාණය වී තිබේ.
2024 වසරේදී ඊජිප්තුව, ඉරානය, ඉතියෝපියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් කිහිපයක් BRICS සමඟ එක්වූ අතර, 2025 වසරේදී ඉන්දුනීසියාවද පූර්ණ සාමාජිකයෙකු ලෙස එක්විය. මීට අමතරව මැලේසියාව, කියුබාව, බ

