CASA 7s Rugby Championship තරගාවලියේදී ශ්රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකම ශූරතා දිනා ගැනීමට සමත් වී තිබේ.
ටෂ්කන්ට් නුවර පැවති කාන්තා අවසන් මහා තරගයේදී කසකස්තානය ලකුණු 27-00ක් ලෙස පරාජය කරමින් ශ්රී ලංකා ක්රීඩිකාවන් ශූරතාව දිනාගත්හ.
ඊට පෙර පැවති පිරිමි අවසන් මහා තරගයේදී ඉන්දියාව ලකුණු 31-10ක් ලෙස පරාජය කරමින් ශ්රී ලංකා පිරිමි කණ්ඩායමද ශූරතාව හිමිකර ගත්තේය.
ඒ අනුව, මෙවර CASA 7s තරගාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා දෙකම ශ්රී ලංකාවට හිමිවීම විශේෂත්වයකි.
CASA 7s’ කාන්තා ශූරතාවත් ශ්රී ලංකාවට

