ලොව පුරා සිටින පාපන්දු ලෝලීන් බලා සිටින 2026 FIFA ලෝක කුසලාන තරගාවලිය ශ්රී ලංකා වේලාවෙන් හෙට (12) අලුයම නිල වශයෙන් ආරම්භ වීමට නියමිතය.
මෙවර තරගාවලිය ඉතිහාසයේ දැවැන්තම ලෝක කුසලාන තරගාවලිය ලෙස සැලකෙන අතර, පළමු වරට සත්කාරකත්වය දරන්නේ මෙක්සිකෝව, කැනඩාව සහ එක්සත් ජනපදය යන රටවල් තුනයි.
එසේම, වසර 96ක ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට කණ්ඩායම් 48ක් තරගාවලියට එක්ව සිටීමද විශේෂත්වයකි.
සත්කාරක රටවල් තුනේම සමාරම්භක උත්සව වෙන වෙනම සංවිධානය කර ඇති අතර, ඒවා එම රටවල පැවැත්වෙන පළමු තරගයට පෙර ආරම්භ වනු ඇත.
මෙක්සිකෝවේ පැවැත්වෙන පළමු සමාරම්භක උත්සවය අද රාත්රී 11.30ට ආරම්භ වන අතර, Shakira සහ Burna Boy විසින් නිල තේමා ගීතය සජීවීව ඉදිරිපත් කිරීමට නියමිතය.
තරගාවලියේ සමාරම්භක තරගය හෙට (12) අලුයම 12.30ට පැවැත්වෙන අතර, සත්කාරක මෙක්සිකෝව සහ දකුණු අප්රිකාව එහිදී තරග වදිනු ඇත.
FIFA ලෝක කුසලානයට සියල්ල සූදානම්

