කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වෙයි.
මෙම නිවේදනය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අතර, එය හෙට (12) උදෑසන 10.30 දක්වා බලපැවැත්වෙනු ඇත.
ඒ අනුව, කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ ඉතා රළු තත්ත්වයට පත්විය හැකි බව දැනුම් දී තිබේ.
ධීවර හා නාවික කටයුතුවල නිරත පිරිස් අවධානයෙන් කටයුතු කරන ලෙසද බලධාරීන් ඉල්ලා සිටියි.
තද සුළං සහ රළු මුහුද ගැන රතු නිවේදනයක්

