FIFA ලෝක කුසලාන තරගාවලිය සඳහා අමෙරිකාවේ රැඳී සිටින ජර්මානු පාපන්දු කණ්ඩායමට අනපේක්ෂිත අභියෝගයකට මුහුණදීමට සිදුව තිබේ.
ඔවුන්ගේ පුහුණු කඳවුර පිහිටි නෝත් කැරොලිනා ප්‍රාන්තයේ වින්ස්ටන්-සේලම් ප්‍රදේශයේදී විෂ සහිත සර්පයෙකු දැකීමත් සමඟ ක්‍රීඩකයින් අතර යම් නොසන්සුන්තාවක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජර්මානු කණ්ඩායමේ නායක ජෝෂුවා කිමිච් පවසා ඇත්තේ, තණකොළ අතර සැඟවී සිටින සර්පයන් පිළිබඳව කණ්ඩායම දැඩි අවධානයෙන් පසුවන බවයි.
වාර්තා අනුව, ක්‍රීඩකයින්ට හමු වී ඇත්තේ නෝත් කැරොලිනා ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන විෂ සහිත “කොපර්හෙඩ්” සර්ප විශේෂයකි.
මේ අතර ස්විට්සර්ලන්ත සහ නෝර්වේ කණ්ඩායම් ද තම පුහුණු කඳවුරු ආශ්‍රිතව සර්ප ගැවසෙන බවට පැමිණිලි කර ඇති බව සඳහන් වේ.
ජර්මනිය මෙවර තරගාවලිය ආරම්භ කළේ කුරකාඔ් කණ්ඩායම 7-1ක් ලෙස පරාජයට පත් කරමින් වන අතර, ඔවුන්ගේ මීළඟ තරගය ජූනි 21 දින අයිවරි කෝස්ට් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය.
FIFA ලෝක කුසලානයේ ජර්මානු ක්‍රීඩකයින්ට සර්ප තර්ජනයක්

