Wednesday, April 22, 2026
Homeසියලුම පුවත්ICC ක්‍රිකට් සාමාන්‍යාධිකාරී වසීම් ඛාන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ICC ක්‍රිකට් සාමාන්‍යාධිකාරී වසීම් ඛාන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ක්‍රිකට් සාමාන්‍යාධිකාරී වශයෙන් වසර හතරක් සේවය කළ වසීම් ඛාන් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු 2022 මැයි මාසයේදී මෙම ධූරයේ වැඩභාර ගෙන තිබූ අතර, එතැන් සිට ICC ක්‍රියාකාරකම්වල ප්‍රධාන භූමිකාවක් ඉටු කළේය.
වසීම් ඛාන් වමත් පිතිකරුවෙකු ලෙස වෝර්වික්ෂයර්, සසෙක්ස් සහ ඩර්බිෂයර් කණ්ඩායම් සඳහා පළමු පෙළ තරඟ 58ක් සහ ලිස්ට් A තරඟ 30ක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙකුද වෙයි.
පසුගිය වසර දෙක තුළ ICCයේ ඉහළ තනතුරු දරණ නිලධාරීන් කිහිපදෙනෙකුම සිය ධූරයන්ගෙන් ඉවත් වී ඇති අතර, වසීම් ඛාන්ගේ ඉල්ලා අස්වීමද ඒ අනුව සිදුවූවක් ලෙස සැලකේ.
ඒ අනුව,
CEO ලෙස ජෙෆ් ඇලර්ඩයිස්ගේ ස්ථානයට සංජෝග් ගුප්තා පත්කර ඇත.
තරගාවලි ප්‍රධානී ක්‍රිස් ටෙට්ලිගේ ස්ථානයට ගෞරව් සක්සේනා පත්කර ඇත.
දූෂණ මර්දන ඒකක ප්‍රධානී ඇලෙක්ස් මාර්ෂල්ගේ ස්ථානයට ඇන්ඩෘ එෆ්ග්‍රේව් පත්කර ඇත

RELATED ARTICLES

Most Popular

Recent Comments