Wednesday, April 22, 2026
Homeසියලුම පුවත්සැප රියට ගැටුණු යතුරුපැදියෙන් තරුණයෙක් ජීවිතක්ෂයට

සැප රියට ගැටුණු යතුරුපැදියෙන් තරුණයෙක් ජීවිතක්ෂයට

සියඹලාණ්ඩුව – ඇතිමලේ ප්‍රධාන මාර්ගයේ පහේ කණුව ප්‍රදේශයේදී යතුරුපැදියක් සුඛෝපභෝගී ජීප් රථයක ගැටීමෙන් මාරක අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් යතුරුපැදිකරු සහ පසුපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ අතර, එහිදී එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 27ක් වන සියඹලාණ්ඩුව පහේ කණුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් සියඹලාණ්ඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

RELATED ARTICLES

Most Popular

Recent Comments