මැදපෙරදිග ගැටුම් හමුවේ ලෝක වෙළෙඳපොළේ ඉහළ යන ඉන්ධන මිලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගැලපීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (06) අදහස් පළ කළේය.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, IMF විසින් පිරිවැය ගැලපීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙස උපදෙස් ලබාදී තිබුණද, සමස්ත පිරිවැය ජනතාව මත පැටවීමකින් තොරව රජය සහන ලබාදෙමින් සිටින බවයි.
ඉන්ධන ඇතුළු විදුලිය සහ ජලය වැනි සේවාවන් සඳහා පිරිවැය ගැලපීම IMF වැඩසටහනේ ප්‍රතිපත්තියක් වන බවත්, ඒ අතරතුර ජනතාවට සහන සැලසීමට රජය පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව පසුගිය අවස්ථාවේ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100ක සහනාධාරයක් ලබාදුන් අතර, මේ වනවිට ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 70ක සහනාධාරයක් ලබාදෙන බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම පසුගිය අවස්ථාවේ පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 20ක සහනයක් ලබාදුන් බවත්, ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වෙනස්වීම් අනුව තීරණ ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

