Homeසියලුම පුවත්IPL අවසන් වටයේ තරග හෙට සිට ඇරඹෙයි

IPL අවසන් වටයේ තරග හෙට සිට ඇරඹෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) 2026 තරගාවලියේ අවසන් වටයේ තරග හෙට (26) සිට ආරම්භ වීමට නියමිතය.
ඒ අනුව, ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවන ස්ථාන හිමි කරගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු සුදුසුකම් ලැබීමේ තරගය හෙට පැවැත්වේ.
එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම සෘජුවම අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අතර, පරාජිත කණ්ඩායමට තවත් අවස්ථාවක් හිමිවෙයි.
ලකුණු සටහනේ තෙවන සහ සිව්වන ස්ථාන හිමි කරගත් රාජස්ථාන් රෝයල්ස් සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර පැවැත්වෙන ඉවත් කිරීමේ තරගයේ ජයග්‍රාහකයින් සමඟ එම පරාජිත කණ්ඩායම යළි තරග වැදීමට නියමිතය.
එම තරගයේ ජයග්‍රාහකයා IPL 2026 අවසන් මහා තරගයට සුදුසුකම් ලබන දෙවැනි කණ්ඩායම බවට පත්වනු ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments