Homeසියලුම පුවත්Miss Aura International 2026 තරගාවලියේ ශ්‍රී ලංකාවට විශේෂ ජයග්‍රහණයක්

Miss Aura International 2026 තරගාවලියේ ශ්‍රී ලංකාවට විශේෂ ජයග්‍රහණයක්

තුර්කියේ පැවති Miss Aura International 2026 ලෝක රූ රැජින තරගාවලියේදී “Best in National Costume” සම්මානය දිනාගත් ශ්‍රී ලාංකික වෛද්‍යවරියක වන දෙවීනා නවීක්ෂි මෙනවිය අද (25) දිවයිනට පැමිණියාය.
ලොව රටවල් 40ක තරගකාරියන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම තරගාවලියේ අවසන් 20 දෙනා අතරට සුදුසුකම් ලැබූ ඇය, ශ්‍රී ලාංකීය සංස්කෘතික අනන්‍යතාව ප්‍රදර්ශනය කළ ජාතික ඇඳුම වෙනුවෙන් මෙම ජයග්‍රහණය හිමිකර ගත්තාය.
වෘත්තියෙන් වෛද්‍යවරියක වන දෙවීනා නවීක්ෂි මෙනවිය මේ වනවිට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරයි.
අද උදෑසන එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඇය පිළිගැනීම සඳහා දෙමාපියන්, ඥාතීන් සහ හිතවතුන් රැසක්ද පැමිණ සිටියහ.

RELATED ARTICLES

Most Popular

Recent Comments