Homeසියලුම පුවත්ISIS තර්ජන ගැන 2016දීම සලේ දැනුවත් කළ බව අධිකරණයේදී අනාවරණය

ISIS තර්ජන ගැන 2016දීම සලේ දැනුවත් කළ බව අධිකරණයේදී අනාවරණය

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා 2016 වසරේදීම ශ්‍රී ලංකාව තුළ ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය ව්‍යාප්ත වීම පිළිබඳ ආරක්ෂක මණ්ඩලය දැනුවත් කළ බව අද (21) අභියාචනාධිකරණයේදී සඳහන් කෙරිණි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් සුරේෂ් සලේ මහතා ගොනු කළ රිට් පෙත්සම සලකා බැලීමේදී, ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා මෙම කරුණු ඉදිරිපත් කළේය.

ඔහු සඳහන් කළේ, ඉස්ලාමීය අන්තවාදය මැඩපැවැත්වීම සඳහා සුරේෂ් සලේ මහතා සකස් කළ යෝජනා ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළද, එහි සිටි ඉහළ පෙළේ නිලධාරියෙකු එම කරුණු නොසලකා හැර ඇති බවයි.

එමෙන්ම, ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව කටයුතු කළ පුද්ගලයෙකු පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයෙකු ලෙස නම් කිරීම සාධාරණ නොවන බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මේ අතර, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා ලබන 27 වැනිදා ඉදිරිපත් කරන බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments