ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ හයවැනි අදියර සඳහා තරග තීරකවරුන් සහ විනිසුරුවන්ගේ නාමලේඛනය ප්‍රකාශයට පත් කර තිබේ.
මෙවර තරගාවලියේ තරග තීරක මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ICC ප්රමුඛ පෙළේ තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරන අතර, විනිසුරු මණ්ඩලයට ICC ප්රමුඛ පෙළේ විනිසුරු කුමාර් ධර්මසේන මහතා ඇතුළත් වී සිටියි.
එමෙන්ම ග්‍රේම් ලැබ්රෝයි, වෙන්ඩල් ලැබ්රෝයි, වේන් නයිට්ස්, අසීෆ් යාකූබ් සහ රවීන්ද්‍ර විමලසිරි ඇතුළු ජාත්‍යන්තර හා දේශීය විනිසුරුවරුන් රැසක්ද මෙවර නිලධාරී මණ්ඩලයට ඇතුළත් කර ඇත.
2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 17 සිට අගෝස්තු 8 දක්වා පැවැත්වීමට නියමිතය.
LPL 2026 තරගාවලිය සඳහා තරග විනිසුරුවන් ප්‍රකාශයට පත් කෙරේ

