Tuesday, November 18, 2025
HomeවිදේශීයMonkeypox වසංගතය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය ඉහළම අනතුරු ඇඟවීම ප්‍රකාශ කරයි

Monkeypox වසංගතය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය ඉහළම අනතුරු ඇඟවීම ප්‍රකාශ කරයි

වඳුරු උණ රෝගය (Monkeypox) ව්‍යාප්තියත් සමග ඉහළ යාමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයට නිකුත් කළ හැකි ඉහළම අනතුරු ඇඟවීම වන අතර මෙමගින් ගෝලීයව වෛරසය ව්‍යාප්ත වීමේ ඉහළ යාමක් පෙන්නුම් කෙරෙනවා.

monkeypox වෛරසය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කමිටුවේ දෙවන රැස්වීම අවසානයේදියි මෙම හදිසි තත්වය ප්‍රකාශයට පත්කර ඇත්තේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ රටවල් 75 කින් මේ වන විට රෝගීන් 16,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයට තවත් ඇත්තේ මෙවැනි හදිසි අවස්ථා දෙකක් පමණක් බවයි.

ඒ කොරෝනා වයිරස් වසංගතය සහ පෝලියෝ තුරන් කිරීමේ අඛණ්ඩ උත්සාහයයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments