CVE-2026-109618 සහ CVE-2026-109619 යන කේත යටතේ හඳුනාගෙන ඇති මෙම ආරක්ෂක දුර්වලතා හේතුවෙන් පද්ධතිවලට අනවසරයෙන් ප්රවේශ වීම, දත්ත සොරා ගැනීම සහ පද්ධති ක්රියාකාරිත්වයට බාධා ඇතිවීමේ අවදානමක් පවතින බව සඳහන් වේ.ඒ අනුව, PHP භාවිත කරන පද්ධතිවල අනුවාද පරීක්ෂා කර අදාළ ආරක්ෂක යාවත්කාලීන කිරීම් කඩිනමින් සිදු කරන ලෙසත්, පද්ධති ලොග් පරීක්ෂා කර සැක සහිත ක්රියාකාරකම් නිරීක්ෂණය කරන ලෙසත් එම ආයතනය උපදෙස් දී තිබේ.එසේම, යාවත්කාලීන කළ නොහැකි අවදානම් සහගත පද්ධති සඳහා අන්තර්ජාල ප්රවේශය සීමා කරන ලෙස රාජ්ය හා පෞද්ගලික ආයතනවලින් සහ වෙබ් අඩවි සංවර්ධකයන්ගෙන් ශ්රී ලංකා CERT වැඩිදුරටත් ඉල්ලා සිටියි.

