Wednesday, November 19, 2025
Homeසියලුම පුවත්TikTok සහ PUBG වීඩියෝ ක්‍රීඩාවට තහනමක්

TikTok සහ PUBG වීඩියෝ ක්‍රීඩාවට තහනමක්

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය විසින් TikTok යෙදවුම සහ අන්තර්ජාලය ඔස්සේ ක්‍රීඩාවේ යෙදෙන PUBG වීඩියෝ ක්‍රීඩාවද තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

TikTok සහ අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩා තුළින් තරුණ පෙළ වැරදි මාවතකට යොමුකරන බව තලේබාන්වරුන්ගේ අදහසයි.

ඇෆ්ගනිස්ථානයේ මිලියන 39 ක් වන ජනගහණයෙන් තුනෙන් දෙකක්ම වයස අවුරුදු විසි පහ හෝ ඊට අඩු අය බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව තලේබාන් පාලනය විසින් අසභ්‍ය ලෙස තීරණය කරන දෑ විකාශය කරන රූපවාහිනී නාලිකා තහනම් කරන බව ද තලේබාන් ප්‍රකාශක ඉනමුල්ලා සමන්ගානි ප්‍රකාශ කර තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments