2026 අගෝස්තු මාසයට අදාළව ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරයි.
ජාත්‍යන්තර වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, පාරිභෝගිකයන්ට සහනයක් ලබාදීමේ අරමුණින් අගෝස්තු මාසයේදී ගෑස් මිල ඉහළ නොදැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව දැනට පවතින මිල ගණන්ම අඛණ්ඩව වලංගු වන අතර,
🔹 කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරය – රු. 4,465
🔹 කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරය – රු. 1,792
🔹 කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරය – රු. 835
ලෙස අලෙවි කෙරෙන බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.

