Homeසියලුම පුවත්අගෝස්තුවේ සංචාරක පැමිණීම 3.3%කින් පහළට

අගෝස්තුවේ සංචාරක පැමිණීම 3.3%කින් පහළට

2026 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ 3.3%ක අඩුවීමක් වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්තවලට අනුව, අගෝස්තු මාසය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 191,704කි.

එය පසුගිය වසරේ අගෝස්තු මාසයේ වාර්තා වූ සංචාරක පැමිණීම් සංඛ්‍යාවට සාපේක්ෂව 3.3%ක පහළ යාමක් බව එම දත්ත පෙන්වා දෙයි.

අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 47,253ක් ලෙස වාර්තා වේ.

එමෙන්ම එක්සත් රාජධානියෙන් සංචාරකයින් 19,588ක්, චීනයෙන් 12,321ක් සහ ජර්මනියෙන් 11,405ක් අගෝස්තු මාසයේදී මෙරටට පැමිණ තිබේ.

මේ අනුව, 2026 ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,535,122ක් ලෙස වාර්තා වී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments