ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවර ක්රියාකාරීත්වය තහවුරු කිරීම සඳහා වහල මත සවිකර ඇති සූර්ය පැනල අද (30) පස්වරු 3.00 දක්වා ක්රියාවිරහිත කරන ලෙස ජාතික පද්ධති ක්රියාකරු සමාගම දැනුම් දී තිබේ.
වෙසක් සමයේ විදුලි ඉල්ලුම සැලකිය යුතු ලෙස පහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වෙයි.
අද ප.ව. 3 දක්වා සූර්ය පැනල ක්රියාවිරහිත කරන්නැයි ඉල්ලීමක්

