Homeසියලුම පුවත්අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ඉන්ධන වර්ගවල මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ.
නව මිල ගණන් අනුව,
 ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 24කින් ඉහළ ගොස් රුපියල් 434 දක්වා වැඩිවී ඇත.
 ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 25කින් ඉහළ ගොස් රුපියල් 495ක් දක්වා වැඩි කර ඇත.
 ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 407කි.
 සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ ගොස් රුපියල් 478ක් වී තිබේ.
 භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 285ක් ලෙස දැක්වේ.
මෙම නව මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments