දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) පස්වරු 1.00ට පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තද වැසි ඇති විය හැකි බව සඳහන් වේ.
මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි අතර, මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වලත් වවුනියාව හා කුරුණෑගල දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් තත්ත්වයක් පවතින බවද වාර්තා වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තද සුළං හා අකුණු හේතුවෙන් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර, හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවලත් තැතින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන් වේ.
අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

