Homeසියලුම පුවත්හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කළ නොහැකි බව ඉරානය පවසයි

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කළ නොහැකි බව ඉරානය පවසයි

අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් සටන් විරාමය උල්ලංඝනය කිරීම හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කළ නොහැකි බව ඉරානය ප්‍රකාශ කර තිබේ.
ඉරාන පාර්ලිමේන්තු කථානායකවරයා සඳහන් කළේ, අමෙරිකාව විසින් ඉරාන වරායන් අවහිර කිරීම ගෝලීය ආර්ථිකය ප්‍රාණ ඇපයට ගැනීමක් ලෙස සැලකිය හැකි බවයි.
කෙසේවෙතත්, ඉරාන ජනාධිපති Masoud Pezeshkian පවසා ඇත්තේ, ඉරානය සාම සාකච්ඡා සඳහා විවෘතව සිටින බවත්, නමුත් තර්ජන, අවහිර කිරීම් සහ ගිවිසුම් උල්ලංඝනය වැනි ක්‍රියාකාරකම් එවැනි සාකච්ඡා සඳහා බාධාවක් වන බවයි.
මේ අතර, Donald Trump සඳහන් කර ඇත්තේ ඉදිරි පැය 36 සිට 72 අතර කාලය තුළ ඉරානය සමඟ නව සාම සාකච්ඡා ආරම්භ වීමට ඉඩ ඇති බවයි.
පාකිස්තානය මැදිහත් වී සිදුකරන සාම උත්සාහයන් යම් ප්‍රගතියක් පෙන්නුම් කරමින් පවතින අතර, එම පසුබිම මත සටන් විරාමය දීර්ඝ කිරීමටද තීරණය කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments