Homeසියලුම පුවත්අදත් ප්‍රදේශ රැසකට තද වැසි ගැන අනතුරු ඇඟවීමක්

අදත් ප්‍රදේශ රැසකට තද වැසි ගැන අනතුරු ඇඟවීමක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද (04) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව Department of Meteorology Sri Lanka නිවේදනය කරයි.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇද හැලිය හැකි බවද කාලගුණ අංශ සඳහන් කරයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු හා උතුරු-මැද පළාත් මෙන්ම හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හමනු ඇති බවද පුරෝකථනය කර ඇත.
මේ අතර සෙසු ප්‍රදේශවලද පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයකින් තරමක තද සුළං ඇති විය හැකි බව සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවන අකුණු හා තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments