Homeසියලුම පුවත්අදත් ප්‍රදේශ රැසකට වැසි ️

අදත් ප්‍රදේශ රැසකට වැසි ️

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (09) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද වැසි ස්වල්පයක් අපේක්ෂා කෙරේ.
එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු හා උතුරු-මැද පළාත් සහ හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පැ.කි.මී. 40-50 දක්වා තද සුළං හමා යා හැකි බවද නිවේදනය කර තිබේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments