කලාවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට (23) පැය 8ක කාලයක් තාවකාලිකව ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව හෙට පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා ඉහළගම, කලාවැව, මරදන්කඩවල, තිරප්පනේ සහ කැකිරාව යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ඇතිවිය හැකි අපහසුතා මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය ජලය කල්තියා රැස්කර තබා ගන්නා ලෙස ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම ජල සැපයුම යථා තත්ත්වයට පත් කරන තෙක් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද දැනුම් දී තිබේ.

