2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුවේ විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (22) තීන්දු කළේය.
කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
ඒ අනුව විත්තිකරුවන් 24 දෙනාගෙන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කර ඇති අතර, සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනාට නියම කරන දඬුවම් අද දිනයේදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

