ශ්‍රී ලංකාව සඳහා අභිනවයෙන් පත් වූ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති Wei Huaziang මහතා සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අතර හමුවක් අද (22) ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුව තිබේ.
මෙම සුහද හමුවේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දිගුකාලීන සබඳතා මෙන්ම ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම ඇතුළු දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත.
ශ්‍රී ලංකාව වෙත චීනය විසින් අඛණ්ඩව ලබාදෙන සහයෝගය සහ සහාය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා සිය ස්තූතිය ද පළ කර තිබේ.
කොළඹ චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක Senior Colonel Fu Xiao මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

