Homeසියලුම පුවත්අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම අවලංගු කිරීමට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක්

අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම අවලංගු කිරීමට සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක්

ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසා මහතාට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කිරීමට සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ බව තහවුරු කර ඇත.ඒ අනුව, ඊයේ (13) මෙම තීරණය ගෙන ඇති අතර, ශ්‍රී ලංකා රජය අඛණ්ඩව සිදුකළ රාජ්‍යතාන්ත්‍රික සහ නීතිමය මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් ලෙස එය සැලකෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.මෙම කටයුත්තේදී සහයෝගය ලබාදුන් සෞදි අරාබි රජයට සිය කෘතඥතාව පළ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, සෞදියේ ශ්‍රී ලංකා තානාපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා හා සෞදි නීති කණ්ඩායම්වල කැපවීම ද අගය කර ඇත.කෙසේ වෙතත්, මරණ දඬුවම අවලංගු කිරීමෙන් අනතුරුව අනෝජන් සිවරාසාගේ නඩුවේ ඉදිරි නීතිමය තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.

RELATED ARTICLES

Most Popular

Recent Comments