Homeසියලුම පුවත්අම්පිටියේ සුමනරතන හිමියන් යළි රක්ෂිත බන්ධනාගාරයට

අම්පිටියේ සුමනරතන හිමියන් යළි රක්ෂිත බන්ධනාගාරයට

මඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ලබන 11 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මඩකලපුවේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් උන්වහන්සේ ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබුණි.

අනතුරුව අම්පිටියේ සුමනරතන හිමියන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (08) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි.

ඒ අනුව අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු උන්වහන්සේ ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments