ෂෙබාස් ෂරීෆ් මහතා පවසන්නේ, මැදපෙරදිග කලාපීය ගැටුම අවසන් කිරීම සඳහා එක්සත් ජනපදය සහ ඉරානය අතර අවසන් එකඟතාවයකට පැමිණ ඇති බවයි.
සිය X සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, ගිවිසුමේ ඉදිරි පියවර සාර්ථක කර ගැනීම සඳහා දෙපාර්ශ්වය සමඟම සමීපව කටයුතු කරමින් සිටින බවය.
මෙම ගැටුම් සමයේ ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ බවද සඳහන් කළ පාකිස්තාන අගමැතිවරයා, “මීට පෙර කවදාවත් සාමය මේ තරම් සමීප වී තිබුණේ නැහැ” යනුවෙන්ද ප්‍රකාශ කර තිබේ.
ඔහුගේ මෙම ප්‍රකාශයත් සමඟ අමෙරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුමක් පිළිබඳ ජාත්‍යන්තර අවධානය තවදුරටත් ඉහළ ගොස් තිබේ
අමෙරිකා – ඉරාන සාම එකඟතාව ගැන පාකිස්තාන අගමැතිගෙන් ප්‍රකාශයක්

