පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඉදිරියේදී පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග අඛණ්ඩව පැවැත්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අද (05) විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්වී තිබුණි.
හෙට (06), අනිද්දා (07) සහ 08 වැනිදා අයහපත් කාලගුණයක් පැවතුණහොත් විභාග කටයුතු සම්බන්ධීකරණය සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විශේෂ මෙහෙයුම් කුටියක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.
එමෙන්ම ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් විභාග අපේක්ෂකයින් ප්‍රවාහනය සඳහා බෝට්ටු සහ ආපදා සහන කණ්ඩායම් සූදානමින් තබා ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
2026 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදාත්, උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනිදාත් ආරම්භ වීමට නියමිතය.

