Homeසියලුම පුවත්අයහපත් කාලගුණය හමුවේ ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාග ගැන විශේෂ සාකච්ඡාවක් හෙට

අයහපත් කාලගුණය හමුවේ ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාග ගැන විශේෂ සාකච්ඡාවක් හෙට

අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (05) පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාව සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී වීමට නියමිතය.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් විභාග කටයුතු සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම අගෝස්තු 6, 7 සහ 8 දිනවලින් පසු වැසි තත්ත්වය තරමක් අඩුවනු ඇති අතර, උසස් පෙළ විභාගය ආරම්භ වන විට වත්මන් කාලගුණ බලපෑම සැලකිය යුතු ලෙස අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments