Homeසියලුම පුවත්අයහපත් කාලගුණයෙන් මරණ 8ක්

අයහපත් කාලගුණයෙන් මරණ 8ක්

පසුගිය දින කිහිපයේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අද (04) නිකුත් කළ නවතම වාර්තාවට අනුව, දිස්ත්‍රික්ක 9ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 56ක් ආපදාවෙන් බලපෑමට ලක්ව ඇති අතර, පවුල් 3,014කට අයත් පුද්ගලයින් 11,832 දෙනෙකු එයින් පීඩාවට පත්ව තිබේ.

එමෙන්ම පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර, එක් නිවසක් සම්පූර්ණයෙන් විනාශ වී තිබේ. තවත් නිවාස 290කට අර්ධ හානි සිදුව ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments