ලෝකය තුළ මතුවන ඕනෑම අර්බුදකාරී තත්ත්වයක් හමුවේ අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීම රජයේ ප්රමුඛ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
ගාල්ල දඩල්ල අල්-මුබාරක් විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
අධ්‍යාපනයේ වැදගත්කම හඳුනාගත් රජයක් ලෙස ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් සැලකිය යුතු අයවැය ප්‍රතිපාදන වෙන් කර ඇති බවද අගමැතිනිය ප්‍රකාශ කළාය.
එමෙන්ම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිසුන්ට නවීන තාක්ෂණික පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් සිටින බවත්, ද්විතීයික පාසල් සඳහා Smart Board පහසුකම් සහ පාසල් 4,000කට ආසන්න සංඛ්‍යාවකට අන්තර්ජාල පහසුකම් ලබාදී ඇති බවත් ඇය සඳහන් කළාය.
රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා අධ්‍යාපනය රැකගැනීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, රජය, නිලධාරීන් සහ ජනතාව එක්ව කටයුතු කළහොත් රට ඉදිරියට ගෙන යාමට නොහැකි දෙයක් නොමැති බවද ප්‍රකාශ කළාය.
අර්බුද හමුවේ වුවත් අධ්‍යාපනය රැකගත යුතුයි – අගමැතිනිය

