පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කර තිබේ.
එම නිවේදනය අද (13) පස්වරු 4.00 සිට හෙට (14) පස්වරු 4.00 දක්වා බලපැවැත්වෙන බව එම සංවිධානය සඳහන් කළේය.
ඒ අනුව, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහාත්, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, පැල්මඩුල්ල, ගොඩකවෙල, ඇලපාත, කලවාන, රත්නපුර සහ නිවිතිගල යන ප්‍රදේශ සඳහාත් පළමු අදියරේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
එම ප්‍රදේශවල ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දී තිබේ.
නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

