ඉදිරි පැය 36ක කාලය තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇදහැලීමේ හැකියාවක් පවතින අතර, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලටද වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු සහ උතුරුමැද පළාත් මෙන්ම හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා තද සුළං ඇති විය හැකි බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සෙසු ප්‍රදේශවලද පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා වේගයකින් තරමක තද සුළං හමා යා හැකි අතර, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු හා තාවකාලික තද සුළංවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.
ඉදිරි පැය 36 තුළ ප්‍රදේශ රැසකට තද වැසි

