අවුරුදු 20ත් 24ත් අතර වයස් කාණ්ඩයේ තරුණ තරුණියන් අතර HIV ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකය පවසයි.2026 වසරේ තෙවන කාර්තුව අවසන් වන විට අවුරුදු 15ත් 24ත් අතර වයස් කාණ්ඩයෙන් නව HIV ආසාදිතයින් 88 දෙනෙකු වාර්තා වී තිබේ. එම පිරිසෙන් 78 දෙනෙකුම අවුරුදු 20ත් 24ත් අතර වයස් කාණ්ඩයට අයත් තරුණ තරුණියන් බව සඳහන් වේ.සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ මාධවී ගුණරත්න මහත්මිය මේ බව පැහැදිලි කර තිබේ.ඇය සඳහන් කළේ 2026 වසරේ තෙවන කාර්තුව අවසන් වන විට නව HIV ආසාදිතයින් 708 දෙනෙකු වාර්තා වී ඇති බවයි. 1987 වසරේ පළමු HIV ආසාදිතයා හඳුනාගත් දා සිට මේ දක්වා ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8,111ක් බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

