එක්සත් ජාතීන්ගේ කාලගුණ විද්‍යා ඒජන්සිය සහ එක්සත් රාජධානියේ කාලගුණ විද්‍යා කාර්යාලය නිකුත් කළ නව වාර්තාවකට අනුව, ඉදිරි වසර පහ තුළ ගෝලීය උෂ්ණත්වය වාර්තාගත මට්ටම් දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බව සඳහන් වේ.
විශේෂයෙන් ආක්ටික් කලාපයේ උෂ්ණත්වය අනෙකුත් ප්‍රදේශවලට වඩා වේගයෙන් ඉහළ යනු ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.
1850-1900 කාර්මික විප්ලවයට පෙර පැවති මට්ටමට සාපේක්ෂව ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.3ත් 1.9ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවද පුරෝකථනය කර තිබේ.
එමෙන්ම, 2024 වසරේ වාර්තා වූ උණුසුම්ම වසරේ වාර්තාවද ඉදිරි කාලයේ බිඳ වැටිය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත.
විශේෂඥයින් පෙන්වා දෙන්නේ, ගෝලීය උෂ්ණත්වය 1.5°C සීමාවේ රඳවා ගැනීමේ අවස්ථාව වේගයෙන් අඩුවෙමින් පවතින බවයි.
ඉදිරි වසර 5 තුළ මිහිතලයේ උණුසුම ඉහළ යන ලකුණු

