ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් අමර් ප්‍රීත් සිං මහතා සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතර හමුවක් ඊයේ (19) පැවැත්වී තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවති මෙම හමුවේදී දෙරටටම වැදගත් ද්විපාර්ශ්වික කරුණු සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් සිදුකර ඇති බව වාර්තා වෙයි.
මෙම අවස්ථාවට ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටි බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී ආරක්ෂක ලේකම් හමුවෙයි

