ජකර්තා අසල සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තවත් 84 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කාර්යාල දුම්රියක් සහ දුරගමන් සේවා දුම්රියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, මැදිරි තුළ සිරවී සිටින මගීන් මුදාගැනීම සඳහා සහන කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර ඇත.
අනතුරේ දැඩි බලපෑම එල්ල වී ඇත්තේ කාන්තාවන් සඳහා වෙන් කර තිබූ මැදිරියට වන අතර, මියගිය සියලු දෙනා කාන්තාවන් බවද වාර්තා වේ.
අනතුර හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් තාවකාලිකව සීමා කිරීමටද බලධාරීන් කටයුතු කර ඇත.
ඉන්දුනීසියාවේ මෙවැනි දුම්රිය අනතුරු පෙරද සිදුව ඇති අතර, 2024 වසරේ බටහිර ජාවා ප්‍රදේශයේ දුම්රිය ගැටීමකින් පුද්ගලයින් කිහිප දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබුණි.
ඉන්දුනීසියාවේ දුම්රිය ගැටීමක් 14ක් මරුට, 84ක් තුවාල

