Homeසියලුම පුවත්ඉරානය ඊශ්‍රායලයට එරෙහි හමුදා ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවයි

ඉරානය ඊශ්‍රායලයට එරෙහි හමුදා ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවයි

ඉරානයේ ප්‍රධාන හමුදා මූලස්ථානය වන Khatam al-Anbiya විසින් ඊශ්‍රායලයට එරෙහිව සිදුකළ වත්මන් හමුදා ප්‍රහාර තාවකාලිකව අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත්, දකුණු ලෙබනනය ඇතුළු ප්‍රදේශවලට ඊශ්‍රායල ප්‍රහාර දිගටම සිදුවුවහොත්, ඉරානය දැඩි හා වැඩි බලවත් ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන බවද අනතුරු අඟවා තිබේ.
ඊශ්‍රායලය විසින් බේරූට් නගරයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, ඉරානය සහ ඊශ්‍රායලය අතර ප්‍රහාර හුවමාරුවක් ඇතිවී තිබූ අතර, එම තත්ත්වය යටතේම මෙම තාවකාලික නවතීම සිදුව ඇතැයි සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments