ඉරානය තම සාම සැලැස්ම පිළිගන්නා ලෙස අමෙරිකාව වෙත දැඩි පණිවුඩයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ පවතින සටන් විරාමය අවදානම් තත්ත්වයක පවතින බවට සිදුකළ ප්‍රකාශයකින් අනතුරුවයි ඉරානය මෙම ප්‍රතිචාරය දක්වා ඇත්තේ.
ඉරානය පවසන්නේ, සිය කරුණු 14කින් සමන්විත සාම යෝජනාවලියට අදාළ කරුණු පිළිගැනීම හැර අමෙරිකාවට වෙනත් විකල්පයක් නොමැති බවයි.
මේ අතර, මැදපෙරදිග කලාපයේ පවතින මෙම යුදමය තත්ත්වය ගෝලීය ආර්ථිකයටද බලපෑම් එල්ල කරමින් පවතින බව වාර්තා වෙයි
ඉරානයෙන් අමෙරිකාවට දැඩි අනතුරු ඇඟවීමක්

