කළු ගඟ ද්‍රෝණියේ ප්‍රදේශ රැසකට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ගඟ ආශ්රිත පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
අද (23) පෙරවරු 8.30 සිට ඉදිරි පැය 24ක කාලයක් සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, හොරණ, දොඩංගොඩ, මිල්ලනිය, කළුතර, බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශවල ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, තත්ත්වය පිළිබඳව අඛණ්ඩව නිරීක්ෂණය කරමින් අවශ්‍ය වුවහොත් ඉදිරි අනතුරු ඇඟවීම් නිකුත් කරන බවයි.
කළු ගඟ ආශ්රිත පහත් බිම්වලට ගංවතුර අවදානම් අනතුරු ඇඟවීමක්

