කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට අද (10) දිනයේ පැය කිහිපයක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව කළුතර, වාද්දුව, මතුගම, බේරුවල, අළුත්ගම සහ පයාගල ප්‍රදේශවලට උදෑසන 8.30 සිට පස්වරු 6.30 දක්වා පැය 10ක ජල සැපයුම අත්හිටුවනු ඇත.
කෙත්හේන ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලි බලය අත්හිටුවීම හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බව සඳහන් වේ.
මේ අතර, ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයටද අද උදෑසන 9.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය 14ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කෙරේ.
වක්වැල්ල ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් එම ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.
කළුතර සහ ගාල්ලේ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

