Homeසියලුම පුවත්ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන අත්අඩංගුවට

ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන අත්අඩංගුවට

ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ක්‍රිෂ් සමාගමට නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රය නමැති භූමිය කඩිනමින් ලබාගැනීමට සහාය වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන් බවට ඇයට චෝදනා එල්ල වී තිබේ.

අදාළ රුපියල් මිලියන 70ක මුදල අවස්ථා තුනකදී නාමල් රාජපක්ෂ මහතා වෙත ලබාදී ඇති බවට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.

සැකකාරිය අද (24) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments