කන්තකසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුදු තත්ත්වයන් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර ඇත.
අද (10) උදෑසන 10.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (11) උදෑසන 10.30 දක්වා බලපැවැත්වේ.
මෙම කාලය තුළ එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කි.මී. 60–70 දක්වා ඉහළ යා හැකි අතර මුහුද ඉතා රළු විය හැකි බවද දන්වා ඇත. ඒ අනුව නාවික හා ධීවර ප්‍රජාවන්ට එම ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙසද උපදෙස් දී තිබේ.
කාලගුණයෙන් රතු නිවේදනයක් නිකුත් කරයි

