World Health Organization විසින් Ebola Virus Disease ව්‍යාප්තිය හේතුවෙන් Democratic Republic of the Congo සහ Uganda සම්බන්ධයෙන් ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය හදිසි අවධානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
වාර්තා අනුව, කොංගෝවේ සෞඛ්‍ය කලාප කිහිපයකින් තහවුරු කළ රෝගීන් 8 දෙනෙකු, සැක සහිත රෝගීන් 246 දෙනෙකු සහ සැක සහිත මරණ 80ක් වාර්තා වී ඇති බව සඳහන් වේ.
එමෙන්ම, උගන්ඩාවටද වෛරසය පැතිරීමේ අවදානම ඉහළ ගොස් ඇති අතර, සෞඛ්‍ය සේවකයින් කිහිපදෙනෙකුද බලපෑමට ලක්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.
දේශසීමා හරහා ජන සංචලනය, වෙළෙඳාම සහ සංචාරක සම්බන්ධතා හේතුවෙන් රෝගය තවදුරටත් පැතිර යාමේ අවදානමක් පවතින බවද අනතුරු අඟවා තිබේ.
කොංගෝ සහ උගන්ඩාවේ ඉබෝලා ව්‍යාප්තිය ඉහළට

